බදු නොගෙවන කැසිනෝ සහ සූදු ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමතවීමත් සමඟ අමාත්‍ය ධම්මික පෙරේරා රනිල් වික්‍රමසිංහ සමඟ විරසක වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසයි.
කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
ධම්මික පෙරේරා විසින් කරගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් දන්නා රටේ ජනතාව ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිධූරයට නොසුදුසු යැයි කීමට හේතුව මේ අනුව තේරුමගත යුතුයැයි ද රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම යනුවෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාවේ මෙලෙස සඳහන්ව තිබිණි.
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත. 2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබාදිය යුතු නමුත්, එම පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත්කර නොමැතිවීම හේතුවේන මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එම පනත යටතේ බලපත්‍ර නිකුත් කර නැත. එම තත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ. එැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2020 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථි ස්ථායීකරණන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම අනුව පවත්වාගෙන යන්නකි. එබැවින් ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතිය අපි සුරක්ෂිත කරයි. මෙම පුවතින් යම් පාර්ශවයකට හෝ පුද්ගලයකු හෝ සමාගමකට හෝ කිසියම් අගතියක් වන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම් ද මේ හා සමාන වූ ඉඩක් ලබාදෙමින් සිදුකිරීමට අපි බැඳී සිටින්නෙමු)