-4.2 C
New York

රුහුණ ඉංජිනේරු පීඨයේ නිහඬ විරෝධතාවක්

Published:

දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස බලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනෙරු පීඨයේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවක් අද (07) දහවල් ඉංජිනේරු පීඨය ඉදිරිපිට දී පැවැත්විණි.

අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි කෑම විවේකයේ දී මෙය සංවිධානය කර තිබිණි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ස්ථාපිත කර නිශ්චිත කාලරාමුවක් තුළ කෙටි කාලීන සහ දීර්ඝකාලීන විසඳුම් ගෙනවිත් ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය විසඳිය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) පවසයි.

එමෙන්ම සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සිවිල් සංවිධාන ඇතුළු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ලබන 09 වැනි දා කොළඹ දී ආරම්භවන දැවැන්ත උද්ඝෝෂණ මාලාවට සහාය දීමක් ලෙස අද මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබිණි.

මෙම විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සිසු පිරිසක් ද සහභාගී වී සිටියහ.  

Related articles

Recent articles

spot_img