කළුතර ගොලුබෙල්ලන් ලෙස ශ්‍රී ලංකාවේ දී වඩාත් ප්‍රචලිත යෝධ අප්‍රිකානු ගොඩ ගොළුබෙල්ලන් (Giant African land Snails) හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශවල මේ වනවිට නිරෝධායන කටයතු ක්‍රියාත්මක කර ඇත.
ෆ්ලොරීඩාහි කෘෂිකර්ම සහ පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුව (FDACS) පසුගිය ජුනි 23 වැනි දා නිව් පෝර්ට් රිචී ප්‍රදේශයේ මේ ගොළුබෙල්ලන් විශාල වශයෙන් පැතිරයමින් සිටින බව තහවුරු කර තිබිණි.
මේ වනවිට භාණ්ඩ ප්‍රවාහන කිරීම් සහ ගමනාගමන කටයුතු පවා සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සත්ව විද්‍යාත්මකව Lissachatina fulica ලෙස හඳුන්වන මෙම ගොලුබෙල්ලන් විශේෂය ලෝකයේ ඉතාමත් දරුණු ආක්රමණකාරී සත්ව විශේෂයක් ලෙස පිළිගැනේ. වසරකට එක් සත්වයකු විසින් බිත්තර 2,500ක් පමණ දමන බැවින් පුළුල් බෝවීමක් දක්නට ලැබෙයි. අප්‍රිකාව නිජබිම කරත් මෙම ගොළුබෙල්ලන් විශේෂය ලෝකයේ බොහෝ රටවල පැතිර සිටින මේ ගොළුබෙල්ලන් 1900 දී පමණ බ්‍රිතාන්‍ය ජාතික වැවිළිකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ. ඉන් පසු කළුතර ප්‍රදේශයේ වේගයෙන් පැතිරයාම හේතුවෙන් කළුතර ගොළුබෙල්ලා ලෙස මෙරට දී හැඳින්වීමට විය.
ශ්‍රී ලංකාවේ දී ද ආක්රමණකාරී ජීවියකු ලෙස නම් කර ඇති කළුතර ගොලුබෙල්ලා ශාක වර්ග 500කට පමණ හානි කරන සත්වයකු ලෙස හඳුනාගෙන ඇත. එබැවින් බෝගවලට සිදුකරන හානිය අතිවිශාල වෙයි. මීට අමතරව මෙනින්ජයටීස් තත්වයක් ඇතිකළ හැකි “Angiostrongylus cantonensis” හෙවත් මී පෙනහළු පණුවා නමැති පරපෝෂිතයකු රැගෙන යන සත්වයකු ලෙස ද සෞඛ්‍ය අංශ විසින් මෙම ගොළුබෙල්ලන් විශේෂය හඳුන්වා දී තිබේ.
එමෙන්ම තම කැල්සියම් අවශ්‍යතාව සපුරාගැනීම සඳහා මොවුන් බිත්තිමත ආලේප කර ඇති තීන්ත පවා අනුභව කරන්නේ යැයි සත්ව විද්‍යාඥයෝ කියති.
ඇමෙරිකාව පවසන්නේ නීති විරෝධී සුරතල් සතුන් වෙළෙඳාමේ ප්‍රතිඵලයක් ලෙස එරටට පැමිණෙන්නට ඇති බවයි. ඇට්ලන්ටා ගුවන්තෙටුපොළේ ගමන්මලුවල තිබී පවා මෙම ගොලුබෙල්ලන්ගේ කුඩා පැටව් දෙදෙනකු සොයාගෙන තිබිණි.
ඇමෙරිකාවේ මෙම විශේෂයේ ගොලුබෙල්ලන් කොපමණ සංඛ්‍යාවක් දැනට බෝවී ඇත්ද යන්න තවමත් ඇස්තමේන්තු කරමින් සිටි අතර නිරෝධායන කටයුතු ආරම්භ කර නම් කරන ලද ප්‍රදේශ තුළට හෝ ඉන් පිටතට කිසිවක් ගෙන යාම ද තහනම් කර ඇත.
මෙනින්ජයටිස් රෝගය මෙම ගොළුබෙල්ලන්ගෙන් පැතිරෙන බවට තහවුරු කරගෙන ඇති බැවින් අත්වැස්මක් නොමැතිව එම සතුන් ඇල්ලීම ද නොකරන්න යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
පැස්කෝ ප්‍රාන්තයේ පැතිර සිටින ගොළුබෙල්ලන් තුරන් කිරීම සඳහා අවම වශයෙන් වසර 03ක් පමණ ගතවේයැයි බලධාරීහු කියති.
මෙම ගොළුබෙල්ලන් ඇමෙරිකාවේ ව්‍යාප්ත වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2011 වර්ෂයේ දී මියාම්-ඩේඩ් ප්‍රාන්තයේ ද මෙලෙස ව්‍යාප්ත වූ අතර 2021 වනතුරුම එම ගහනය පාලනය කිරීමට ඇමෙරිකාවට හැකිවූයේ නැත.
පොළොව මතුපිට ඇති පාරිසරික සාධක තමන්ගේ පැවැත්මට අහිතකර වූ අවස්ථාවල දී පොළොව යට වැළලී වසරක පමණ කාලයක් ජීවිතය ආරක්ෂා කරගැනීමේ අපූරු හැකියාවක් ද මොවුන් සතුව තිබේ.
https://edition.cnn.com/2022/07/03/us/giant-african-snail-florida-scn-trnd/index.html