-1.6 C
New York

බැංකු පොළී අනුපාත ඉහළ දැමීමට සූදානම්

Published:

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හෙට (07) දිනයේ රැස්වීමට නියමිත අතර බැංකු පොළී අනුපාතය ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිත බව ද වාර්තා වේ. ඒ අනුව බොහෝ විට හෙට දිිනයේ දී බැංකු පොළී අනුපාතිකය ඉහළ දැමීම සිදුකරනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 14,198 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 982 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 121කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,117ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 274
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 185
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 77

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 9.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 8.9
  • එස්.එන්.බී.ලීසිං  සමාගම (X) කොටස් මිලියන 4.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 14%
  • මල්වත්ත වැවිලි සමාගම 10%
  • අම්බන් කැපිටල් සමාගම 10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 309
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 170
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 170

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 34ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 06 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 28ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12
  • රෙජින්ස් සමාගම රුපියල් මිලියන 10
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 1.9
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 1.1
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img