-1.6 C
New York

“රනිල් කියූ විදියට ම ඉල්ලා අස්වෙන්න. අගමැති කම මට දෙන්න” – අනුර කුමාර කියයි

Published:

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් තමන් අගමැතිධූරය භාරගැනීමට සූදානම් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (06) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අගමැතිවරයා ඉල්ල අස්වෙන්න ඕනේ. ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ. එවිට මම අගමැතිකම භාරගන්න සූදානම්. දැන් රනිල් අතේ බෝලේ තියෙන්නේ. අපිට මේක ගන්න කියලා ආරාධානා කරන්න, භාර දෙන්න ලෑස්තියි කියන්න. දෙවැනි පියවර විදියට අපි කියන්නම් ඒක කරන්නේ කොහ‍ොමද කියලා. ජනාධිපතිවරයා විසින් නේ අගමැතිවරයා පත්කරන්නේ. ඒ නිසා ජනාධිපතිවරයෙක් නැතිව අගමැතිවරයෙක් පත්කරනන් බැහැ ව්‍යවස්ථාව අනුව. ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ අපිව පත්කළාම දෙවැනි පියවර අනුව එයා තියාගෙන වැඩ කරන්න බැහැනේ. අපි සූදානම් කෙටි කාලයකින් ජන ජීවිතය යථාතත්වයට පත්කරන්න. මේ රටේ ජනතාව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඊට විශාල ලෙස සහය දෙන බවට මට විශ්වාසයක් තියෙනවා.”

Related articles

Recent articles

spot_img