-1.6 C
New York

හිරුණිකා ගිය මඟ ආරක්ෂක අංශ අවහිර කර, මංමාවත් අවහිර කළේ හිරුණිකා යැයි චෝදනා කරමින් ඇප දෙයි

Published:

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 12 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත.

ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගයේ ගමන්කරමින් සිටිය දී ඇය ඇතුළු සුළු පිරිසකගේ ගමනට බාධා කරමින් ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයේ ඇති විශාල ගේට්ටුවක් වසා දැමිණි. ඇයට එහි ඇතුළුවීමට නොදුන් බැවින් තමන් ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බවත්, තමන්ට යන්න නොදෙන්නේ නම් හිරුණිකා පැමිණි බව ජනාධිපතිවරයාට කියා මෙතැනට එන්න කියන්න යැයි කියමින් ඇය එම ස්ථානයේ රැඳී සිටියාය.

මේ අවස්ථාවේ දී පෙිලිසයි විසින් ඇයව අත්අඩංගුවට ගෙන රැගෙන යන ලදී.

පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මංමාවත් අවහිර කිරීමේ චෝදනාවට වරදකරු බවයි. නමුත් සිදුවීම නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ ඇය පොදු මාර්ගයක ගමන් කරමින් සිටිය දී ආරක්ෂක අංශ ඇයගේ නිදහස් ගමනට බාධා කරන බවයි.

කෙසේ වෙතත් පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් නොකර‍ පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබිණි.

(ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද පා ගමනින් යමින් සිටි පොදු මාර්ගයක් ආරක්ෂක අංශ විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව වසා දමා ඇති ආකාරයයි)

Related articles

Recent articles

spot_img