-1.6 C
New York

පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

Published:

පාර්ලිමේන්තුව දෙසට ගමන්කරමින් තිබූ විරෝධතාවකට පොලිසිය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී අද (06) මීට සුළු වේලාවකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව මෙම විරෝධතාව පවත්වමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටියේය.

පොලිසිය මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා තිබුණු අතර විරෝධතාකරුවන් පළමු මාර්ග බාධකය පෙරළාගෙන ඉදිරියට ඇදෙද්දී මෙලෙස ප්‍රහාර එල්ල කරන ලදී. මේම වනවිට පොල්දූව හන්දිය සහ ජපන් මිත්‍රත්ව පාලම අතර මාර්ගය අවහිර වී තිබේ.

Related articles

Recent articles

spot_img