අගමැති රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමතිධූරයෙන් ඉවත්විය යුතුයැයි බිලියනපති ව්‍යාපාරික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ධම්මික පෙරෙරා එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා පත්කරන ලද අතර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයේ සිටිය දී ඔහු භාරයේ තිබූ ආයතන රැසක් ඇතුළත් කරමින් ආයෝජන ප්‍රවර්ධන නමින් අමාත්‍යාංශයක් නිර්මාණය කර එහි අමාත්‍යධූරය ධම්මික පෙරේරාට ලබා දී තිබේ.
මෙරට ආර්ථිකය ගොඩනංවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බාරගත් ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වතාවටයි.
ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ ඩොලර් ආදායම් ව්‍යාපෘති නවතා දමන බවයි. අගමැතිවරයාට සැළැස්මක් නැති බව ද ධම්මික පෙරේරා පවසයි.
ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ 2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු බදු ප්‍රතිශතය අඩුකිරීම බව ආර්ථික විශේෂඥයෝ කියති. ඒ වනවිට ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යාපාර රැසක හිමිකුරුවා වූයේ වත්මන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාය. මෙලෙස ආදායම් බදු අඩු කිරීමෙන් ශ්‍රීි ලංකාවේ ව්‍යාපාරිකයන්ට විශාල ලාභයක් හිමිව ඇත.



