වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම ධූරයන් ඉල්ලා අස්වූ බව පවසයි.
ඔහු පවසන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යැවූ බවයි.
තම අමාත්‍යාංශය යටතේ සිදුකරන ව්‍යාපෘතියක් සඳහා ජපාන සමාගමකින් අල්ලසක් ලබාගෙන ඇතැයි චෝදනාවක් එල්ල වී ඇති බැවින් තමන් අල්ලස් නොගත්ත ද එම විෂ්‍ය භාර අමාත්‍යවරයා තමන් බැවින් මෙලෙස ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර තිබේ.
එම අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යෙදා ඇති බැවින් එතෙක් ධූරයෙන් ඉවත්ව සිටින්න යැයි ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මෛම තීරණය ගෙන තිබේ.



