සෙවනගල, මහගම වාරි ඇළක දිය නෑමට ගිය වයස අවුරුදු 09ක දරුවකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සෙවනගල, මහගම පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. ඔහු හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද අනාවරණය වී ඇත.
පිරිවෙනේ අධ්‍යාපනය ලබන තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ මහගම අංක 08 ඇළෙහි දිය නාමින් සිටිය දී මෙම අනතුරට ලක්වූයේය.
සෙවනගල පොලිසිය පවසන්නේ අසාධ්‍ය තත්වයෙන් පසු වූ ඔහු දංඩුම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.


