ආණ්ඩුව රටේ අර්බුදයට ඉදිරිපත් කරන්නේ පැලැස්තර විසඳුම් බවත් ඉන් කාලය කා දමන බැවින් සියලු මහජනතාව එකතු වී රජයට දැඩි බලපෑමක් ඇතිකිරීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි.
ඔවුන් පවසන්නේ රට මුහුණ පා ඇති අර්බුදයේ උච්ඡතම අවස්ථාවට මෙතෙක් පැමිණ නැතත් දැනටමත් රටේ පුරවැසියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපහසු වී ඇති බවයි. ඛනිජ තෙල් ප්‍රශ්නය ලඝු කොට සැළකීමෙන් මෙය තවත් උග්‍ර වී ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරු කියති.
ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ නිශ්චිත කාලසීමාවකට සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඒ සඳහා පොදු වැඩපිළිවෙලකට යා යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.
මෙයට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් තම මව්බිම වෙනුවෙන් පෙනී සිටින සංගමයක් ලෙස සියලු වෘත්තිකයන්ගෙන්, සියලු දේශපාලන සංවිධානවලින් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සියලු දෙනා එක්ව රටපුරා යම් කිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹිිය යුතු බව සහ දැනටමත් පවත්වන උද්ඝෝෂණ තවදුරටත් සාමකාමීව නමුත් දැඩි ලෙස පැවැත්විය යුතු බවයි.
එය මේ මොහොතේ සියලු පුරවැසියන්ගේ ප්‍රමුඛතාවක් බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.




