-3.4 C
New York

මහින්දගේ නාමයෙන් යළි රටේ බලය අල්ලන්න පොහොට්ටුව සැරසෙයි

Published:

මහින්දගේ නමින් නැවත බලය ලබාගැනීමට ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

තවමත ්මේ රටේ ජනතාවගෙන් බහුතරයගේ ආදරය සහ ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂට ඇතැයි ද ඔහුගේ නම ප්‍රධාන ශක්තිය බවට පත්කරගෙන නැවතත් බලය අල්ලාගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ දැනටමත් ඒ සඳහා සක්‍රීයව දායක වී ඇති බවත් ඉදිරි මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකරගෙන යන බවත් හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img