කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (05) දිනයේ ගනුදෙනු 15,131 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 916 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,238ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 330
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 121
- එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 54
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 17
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
- ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 50%
- ඇල්පිටිය වැවිලි සමාගම 150%
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 13%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 317
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 182
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 167
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 19කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 29
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 01
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 7.3
- සම්පත් බැංකුව රුපියල් මිලියන 02
- ඇල්පිටිය වැවිලි සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



