-3.4 C
New York

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

Published:

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 නව ප්‍රභේද සමග යළිත් කොවිඩ් පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

වයස අවුරුදු 60 ට වැඩි සහ විදේශගතවීමට බලාපොරොත්තු වන සියලු දෙනා මෙම හතරවැනි එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගත අතර, වයස 20ට වැඩි සියලුම දෙනාත් එය ලබාගැනීම සුදුසු බව අසේල ගුණවර්ධන මහතා කීවේය.  

එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු තත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගත හැකි අතර, රටේ පවතින තත්වය අනුව එන්නත් ලබාදීමේ දින සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බැවින් ආයතනවලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බව අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Related articles

Recent articles

spot_img