-3.4 C
New York

හෙට දිනයේ දුම්රිය ධාවන ගැන විශ්වාසයක් නෑ

Published:

දුම්රිය ධාවනය හෙට (06) දිනයේ අඩාලවීමේ අවදානමක් ඇත.

අද (05) සවස සිට ‍කොළඹ කෙටුව, මරදාන සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයේන ඉවත්වීම හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.

මේ අතර දුම්රිය නියාමකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි. ‍නිල නිවාසවල සිට පැමිණෙන නියාමකවරුන්ට පමණක් සේවයට වාර්තාකළ හැකි බවත් ඉන්ධන නිසි පරිදි නොලැබීම හේතුවෙන් අනෙකුත් අයට සේවයට පැමිණීමට නොහැකි බවත් පවසමින් ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරයි.

මේ අතර එම වැඩවර්ජනයට, දුම්රිය ධාවනාගාර සේවකයන් සහ දුම්රිය රියදුරන් කොටසක් ද එකතුවන බව මේ වනවිටත් තහවුරු කර ඇතැයි දුම්රිය නගාසිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩන්ගොඩ කීවේය.

Related articles

Recent articles

spot_img