-0.7 C
New York

දරුවා වඩාගෙන නිිවසට යමින් සිටි මවගේ ගෙල කපා රන් මාලය පැහැරගෙන

Published:

අතදරුවකු වඩාගෙන පොල්පිතිගම, ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ සිය නිවසට යමින් සිටි මවකගේ ගෙල කපා රන් මාලයක් පැහැර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අද (04) පෙරවරුවේ මෙය සිදුව තිබේ. 35 හැවිරිදි එම කාන්තවගේ අතේ සිටි දරුවා කෑ ගසනු ඇසී ප්‍රදේශවාසීන් පැමිණ ඇය රෝහල්ගත කර ඇතත් ඒ වනවිට මියගොස් සිටි බව පොලිසිය පවසයි.

එම කාන්තාව ප‍ොල්පිතිගම නගරයට ගොස් නිවසට අවශ්‍ය කළමනා කිහිපයක් රැගෙන දරුවා ද වඩාගෙන නිවසට යමින් සිටිය දී මෙය සිදුව ඇත.

පොලිසිය පවසන්නේ වෙස්වලාගෙන රන් මාලය පැහැර ගැනීමට පැමිණි තරුණයා එය පැහැර ගනිද්දී කාන්තාව විසින් ඔහු හඳුනාගන්නට ඇති බවයි. ඒ නිසා මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.

පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img