1.6 C
New York

ග්ලැසියරයක් කඩා වැටී හයදෙනකු මරුට

Published:

ඉතාලියේ උතුරු දිග ඇල්ප්ස් කඳුකරයේ හිම කුණාටුවක් අතරතුර ග්ලැසියරයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 06 දෙනකු 19 දෙනකු අතුරුදන්ව ඇත. බලධාරීන් පැවසුවේ අනතුරින් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.

තවමත් අතුරුදන් වූ 19 දෙනා සොයා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා ක්‍රියා කරමින් සිටිති.

සිද්ධිය සම්බන්ද වීඩියෝවකින් පෙන්නුම් කළේ ප්‍රදේශයේ උසම කන්ද වන මාමොලඩා හි බෑවුම් දිගේ අයිස් කඳු කඩා වැටෙන බවයි.

හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා පැවසූයේ අනතුරට ලක්වූ කඳු නගින්නන් සංඛ්‍යාව තවමත් නිශ්චිතව නොදන්නා බවයි.

බරපතල තත්ත්වයේ පසුවන එක් පුද්ගලයෙකු ඇතුළු තුවාල ලැබූ කඳු නගින්නන් ප්‍රදේශය අවට රෝහල් කිහිපයකට ගෙන ගොස් ඇති බව ගලවා ගැනීමේ නිලධාරීන් පැවසීය.

ගලවා ගැනීමේ සේවා ප්‍රකාශකයෙකු වන වෝල්ටර් මිලාන් පැවසුවේ පසුගිය දිනවල ප්‍රදේශය අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයක් ඇති බවයි. මෑත දිනවල ග්ලැසියරයේ උච්චතම ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට ළඟා වී ඇති බවද හෙතෙම පැවසීය. “ඒක අධික උණුසුමක්, පැහැදිලිවම එය අසාමාන්ය දෙයක්,” ඔහු පැවසීය.

ඉතාලි කඳු නගින්නෙකු වන රෙයින්හෝල්ඩ් පැවසුවේ ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම හේතුවෙන් ග්ලැසියරය වසර කිහිපයක සිට අඩුවෙමින් පවතින බවයි.

“අයිස් කිසිවක් ඉතිරිව නැත,” මෙස්නර් මහතා පැවසීය. “ගුරුත්වාකර්ෂණය හේතුවෙන්” ග්ලැසියර විටින් විට කඩා වැටෙන බව ඔහු සඳහන් කළ අතර ග්ලැසියර දියවීමට හේතුව ගෝලීය උණුසුම” බව පැවසීය.

https://www.bbc.com/news/world-europe-62029780

Related articles

Recent articles

spot_img