-1.5 C
New York

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ශ්‍රී ලංකාවෙන්

Published:

මීටර 100 ක්‍රීඩා ඉසව්වක දී ප්‍රථම වතාවට තත්පර 10කට අඩුවෙන් තරඟය අවසන් කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (03) සමත් වූයේය.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 100 ඉසව්ව අද තත්පර 9.96කින් නිමා කළේය.

අද ඔහු දැක්වූ දස්කමට පෙර එම ඉසව්වේ දී යුපුන් දක්වා තිබූ හොඳම දස්කම ලෙස වාර්තා වූයේ ජර්මනියේ පැවැති මළල ක්‍රීඩා තරඟාවලියක දී 2022 මැයි 26 වැනි දා වාර්තා කළ තත්පර 10.06යි.

පන්නල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ යුපුන් 2015 දී ඉතාලියට ගොස් සිටියි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත පොපදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටියි.

Related articles

Recent articles

spot_img