-2.5 C
New York

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (30) දිනයේ ගනුදෙනු 9,607 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,23කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,342ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 182
  • නේෂන් ලංකා බැංකුව රුපියල් මිලියන 51

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • නේෂන් ලංකා බැංකුව (X) කොටස් මිලියන 85
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිිලයන 4
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆෙගසස් හොටෙල් සමාගම  20%
  • හන්ටර්ස් සමාගම 17%
  • ඉක්විඩි 2 සමාගම 16%

සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්

  • නේෂන් ලංකා සමාගමේ (X) කොටස් මිලියන 85ක් රුපියල් 0.60 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 337
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 11ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 03ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 05
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 1.2
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 1.1

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලියන 3.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img