-2.5 C
New York

කටාර් සංවිධානයක ත්‍රස්තවාදී ලේබලය ඉවත්කරන්නේ, තෙල් වෙනුවෙන් ද ?

Published:

ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නා යැයි කියමින් කටාර් චැරිටි නමැති ආයතනයක අරමුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම සංවිධානයට දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට දැනුම් දී ඇති බවයි.

ඛනිජ තෙල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින අමාත්‍ය විජේසේකර එම අරමුදලේ නිලධාරීන් හමු වූ අවස්ථාවේ දී මේ බව ඔවුන්ට දැනුම් දුන් බව ද ඇමතිවරයා පවසයි. මේ අරමුදල ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇත්තේ 2019 වර්ෂයේ දී ය.

Related articles

Recent articles

spot_img