spot_img
spot_imgspot_img

විදුලි ගාස්තුව 500%කින් ඉහළ දැමීමට නිර්දේශ ලැබෙයි

පුවත්

විදෙස්

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මේවනවිට ලැබී තිබේ.

ඒ අනුව ගෘහස්ථ විදුලි පරිභෝජනය ඒකක 1-30ත් අතර රුපියල් 30.00ක් ලෙස පවතින මාසික ස්ථාවර ගාස්තු රුපිියල් 150.00ක් දක්වා ඉහළ නංවයි.

ලංකා විදුලිබල මණ්ඩලය එම මුදල රුපියල් 430ක් කළ යුතු යැයි යෝජනා කර තිබුණ ද මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය වී ඇත්තේ එය රුපියල් 150.00ක් පමණක් විය යුතු බවයි.

මේ දක්වාම ඒකක 1-30ත් අතර විදුල ඒකකයක මිල දැක්වෙන්නේ රුපිියල් 2.50ක් ලෙසිනි. එම මුදල රුපියල් 8.00කින් ඉහළ නංවා එම ගාස්තුව රුපියල් 10.50ක් බවට පත්කිරීමට විදුලි බල මණ්ඩලය කරන ලද යෝජනාවට ද නිර්දේශය ලැබී තිබේ. ඒකක 31-60ත් අතර සථාවර ගාස්තුව 1,100.00කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණ ද එය රපියල් 300.00කින් පමණක් ඉහළ දැමීමට නිර්දේශ කර තිබේ. මෙහි ස්ථාවර ගාස්තු තිබුණේ රුපියල් 60.00ක් ලෙසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!