-1.5 C
New York

ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?

Published:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්‍ය අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කටයුතු කර තිබේ.

සංචාරක මඟ පෙන්වන්නා යොදා ගනිමින් තණතීරුවේ විස්තර ලබාගත් විදේශිකයා ගැන ද මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර ලාංකික පුද්ගලයාගෙන් අද ක්‍රීඩා වැරදි සෙවීමේ ‍පොලිස් ඒකකය ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇත.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී ජගත් ෆොන්සේකා පවසන්නේ සිද්ධය සම්බන්ධයේන ජාත්‍යන්තර පොලිසියට සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ද දැනුම් දී ඇති බවයි.

තණතීරුව ගැන සොයා බැලූ විදේශිකයා ඔට්ටු ඇල්ලීමේ හෝ තරඟ පාවාදීමේ ජාවාරම පිටුපස සිටින්නකු යැයි ද සැකයක් මතු වී තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරඟ පැවැති මීට ඉහත අවස්ථා කිහිපයක දී ම තරඟ පාවදුන් බවට හෝ සංචාරක කණ්ඩායමට වාසි සහගත ලෙස පිටිය සැකසූ බවට චෝදනා එල්ල වී තිබිණි.

Related articles

Recent articles

spot_img