ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු නියෝජිතයන් සහ තෙල් ආනයන සමාගම්වල නියෝජිතයන් අතර හමුවක් පැවැත්විණි.
එහි දී ඉන්ධන සැපයුම් වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැළැස්මක් ඇතිව ගෙවීමට ද මහ බැංකු අධිපතිවරයා එකඟ වී තිබේ.
දැනට ඇති මුදල් භාවිතා කර ඉන්ධන ආනයනයට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී ඇත. මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන බාගත නෙනාහැකිනම් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට සිය මව් සමාගම් සමඟ සාකච්ඡා කිරීමට අදාල සමාගම්වල නියෝජිතයෝ එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමටත් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමටත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එහි දී උපදෙස් දී තිබේ.