ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළේ සිහි නැතිව ඇද වැටී සිටි ශ්‍රී ලාංකීය වයෝවෘද්ධ යුවලක් අත්අඩංගුවට ගත් බව ධනුෂ්කොඩි පොලිසිය එරට මාධ්‍යවලට පවසා තිබේ.
ඔවුන් දෙදෙනා අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ශ්‍රී ලංකාවේ ඇති ආර්ථික අපහසුතා හේතුවෙවන් ජීවත් විය නොහැකිව බෝට්ටුවක නැගී ධනුෂ්කොඩි දක්වා පැමිණි බවයි
ඔවුන් දෙදෙනා එරට අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසා තිබේ.
මේ වනවිට ධනුෂ්කොඩි සහ රාමේෂ්වරන් වෙත පලාගිය 100කට අධික පපිරිසක් මේ වනවිට ඉන්දීය සරණාගත කඳවුරුවලට යොමුකර තිබේ.