spot_img
spot_imgspot_img

මහාචාර්ය හිමියෝ පොලිසියට බාරවෙති. නිවාස ගිනිතැබුවා යැයි අධිකරණයට ඉදිරිපත් කරයි

පුවත්

විදෙස්

ඇමති නිවාස ගිනිතැබීමෙ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි මහාචාර්ය නැදලගමුවේ ධම්මජින්න හිමියන් ‍ගම්පහ මූලස්ථාන පොලිසියට බාර වී ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය මැයි 09 වැනි දා ගම්පහ, උඩුගම්පොළ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියකට පොලිසියට ධම්මජින්න හිමියන් අවශ්‍යව තිබිණි.

අලුතපොළ රජමහා විහාරාධිපති වශයෙන් කටයුතුකරන ධම්මජින්න හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචා‍ර්යවරයකු ද වෙති.

පොලිසිය පවසන්නේ හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!