අකුරැස්ස තිබ්බොටුවාවේ පුද්ගලයකුගේ හිස කඳින් වෙනවන පරිදි කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. කඩුවකින් හිස කපා වෙන් වූ හිස ඝාතකයා විසින් රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ
පොලිසිය සැකකරන්නේ ඝාතනය සිදුකළ තැනැත්තා විසින් එම හිස නිල්වලා ගඟට දමන්නට ඇති බවයි.
අද (27) උදෑසන මෙම ඝාතනය කර ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවන දෙදරු පිියෙකි. ඔහුගේ බිරිඳ සහ දියණිය ද බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටිති.
29 හැවිරිදි තරුණයකු ඝාතනයට සිදුකළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ නිවසේ ඊයේ (26) රාත්‍රී තොවිලයක් පවත්වා තිබේ. මියගිය පුද්ගලයා විසින් තම දෙමාපියන්ට හූනියමක් කළ බවට චෝදනා කරමින් හිස කඳෙන් වෙන්කර ඇතැයි සිද්ධිය ඇසින් දුටු මියගිය පුද්ගලයාගේ බෑනා පවසයි.
“මම ඇස්දෙකෙන් දැක්කා තාත්තට කඩුවෙන් කොටනවා. කඩුවක් අරගෙන දුවගෙන එනකොට නෝනා කෑ ගැහුවා. අපේ ගේ පිටිපස්සෙන් උඩට ගිහින් තමයි නෝනා කෑ ගැහුවේ. එතකොට එයාටයි අම්මටයි දෙන්නටත් කෙටුවා. පිටිපස්සේ දෙර කඩාගෙන ඇතුළු වෙලා තාත්තට කෙටුවා. පොඩි තුන්දෙනෙක් හිටියා. මම එතකොටම ගේ දොර වහගත්තා. නෝනාව ගේ ඇතුලට ගත්තේ ජනේලෙන්.” යැයි ඔහු පවසයි.