රඹුක්කන වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණනයට දැනුම් දී තිබේ.
කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ඇතුළු නිලධාරීන් 04 දෙනකු මෙලෙස බන්ධනාගාර ගතකර සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ රිට් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මේ ඊට විරුද්ධව කරුණු දැක්වූයේය.
එය අද (27) අභියාචනාධිකරණයේ දී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන වනිිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ තම සේවාදායකයන් ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා විරුද්ධ නොවන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවය.
නමුත් නීතිපතිවරයා වෙනුවෙන් සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර එම ඇප ඉල්ලීමට විරුද්ධවීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා කැඳවන ලෙස අභියාචානාධිකරණය නියම කළේය.