ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට රුපියල් කෝටි 31,500ක ණය මත පවත්වාගෙන යන සමාගමකි. එය නඩත්තු කිිරීම තවදුරටත් ශ්‍රී ලංකාවට පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇතැයි වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසයි.
ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් මේ වනවිටත් දැනුම් දී තිබේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව පිළිිබඳ වඩාත් සැළකිලිමත් වන බවත් ඇමතිවරයා පවසයි. ඔවුන් ඉවත්වන්නේ නම් සැළකිය යුතු වන්දියක් පිරිනමා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන බවත් වාර්තාවේ.