ඉන්ධන රැගත් නෞකා නොපැමිණීම හේතුවෙන් තවදුරටත් සාමාන්‍ය ජනතාවට තෙල් ලබාදීමට නොහැකි බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් තෙල් ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියි.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදාහැරීමේ කටයුතු නවතා ඇති බැවින් තෙල් ගැනීමට තෙල් බෙදාහැරීමේ ගබඩා වෙත ගිය බවුසර් පෝළිම්වල රැඳී තිබේ.
මේ තත්වය පිළිබඳ ඉතාමත් කණගාටුවන බවත් පැමිණෙන බව පැවසූ නැව ද බැංකු සහ සැපයුම් ගැටලු හේතුවෙන් නියමිත වේලාවට නොපැමිණෙන බවත් ඇමතිවරයා සිය පණිවිඩය මගින් දැනුම් දී ඇත.
මීළඟ නැව්ගත කිරීම් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු පොදු ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් වෙන්කර ඇති ඉන්ධන පිරවුම්හල් 85ක් සඳහා සීමිතව තෙල් නිකුත්කරන බවත් ඇමතිවරයා පවසයි.
බොරතෙල් නොමැතිවීම හේතුවේන පිරිපහදු කටයුතු ද තාවකාලිකව නවතා දැමීමට සිදුවීම පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව අයදින බව ද කංචන විජේසේකර ඇමතිවරයා පවසයි.