spot_img
spot_imgspot_img

ඩොලර් හොයන්න නීති දැඩි කරයි. මහ බැංකුවෙන් විශේෂ න‍ිවේදනයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ මුදල්  ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 සීමාවේ සිට 10,000ක සීමාව දක්වා අඩුකරමින් මුදල් අමාත්‍යාංශ විශේෂ නියමයක් පනවා තිබේ. මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 08 වැනි වගන්තිය අනුව මෙම නියමය නීතිය බලාත්මක වන දිනය වූ 2022 ජුනි 16 සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.ඒ සඳහා වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ද ලබා දී ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 10,000ක හෝ ඊට සමාන වූ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම වරදක් වෙයි.

එබැවින් මෙම විදේශ ව්‍යවාහාර මුදල් විදේශ ව්‍යවහාර මුදල් ගිනුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිනුමකට හෝ තැන්පත් කිරීම කළ යුතුය. නැතිනම් බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හෝ විකිණියයුතුය.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෛම පොදු සමාකාලය අවසන් වූ පසු තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව විනිමය පනතේ විධිවිධාන අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!