-0.1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (22) දිනයේ ගනුදෙනු 12,057 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,245ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,651ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 241
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 214
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 153

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.7
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.3
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 3.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ්  සමාගම (X)  33%
  • ඇක්මී සමාගම 23%
  • සෙරන්ඩිබ් හොටෙල් සමාග සමාගම 19%

සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුවේ කොටස් 1,700,000ක් රුපියල් 50.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුවෝ කොටස් 260,000ක් රුපියල් 80.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 375
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 207
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 169

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 29ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 68කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1.1
  • සොෆ්ට් ලොජික් කැපිටල්  සමාගම රුපියල් මිලියන 0.8
  • රිචඩ් පීරිස්  සමාගම රුපියල් මිලියන 0.6

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 36
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 3.4
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 2.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img