-0.1 C
New York

ගුරුවරයාගේ පොලු පහරින් සිසුවාගේ අත කැඩෙයි

Published:

ගොඩකවෙල රාහුල විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයා පොල්ලකින් පහරදීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවකුගේ වම් අතේ අස්ථි බිඳීමක් සිදුව රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ 10 වැනි ශ්‍රේණිියේ අධ්‍යාපනය ලබන රුක්ෂාන් මධුශංක නමැති සිසුවෙකි.

දරුවා පොලිසියට පවසා ඇත්තේ පසුගිය 16 වැනි දා පාසලේ පැවැති බැතිි ගී වැඩසටහනකින් පසු බැතිි ගැයූ තැන තිබූ පුටුවක් පන්තිකාමරයෙන් තබා වැසිකිළියට යමින් සිටිය දී ගුරුවරයා තමන්ට පහරදුන් බවයි.

පාසලේ වෙනත් සිසුන් පිරිසක් අදාල ගුරුවරයාට හූ තබා දිවගොස් ඇති අතර එම සිසුන් පසුපස හඹායමින් සිටි ගුරවරයා මෙම සිසුවාට පහර දී ඇත්තේ තමන් හූ කියූ කණ්ඩාය‍මේ අයකුයැයි සිතමිනි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා වන කේ.ඩබ්ලිව්.සුනිල් පවසන්නේ මෙම සිිසුවා පහරකෑමට ලක්ව ඇත්තේ එදින උදෑසන 10.30ට පමණ බවයි. ඒ මෙහොතේ ම ක්ලාන්තයක් ඇති වී තිබෙන බවත් නමුත් පාසලෙන් සවස 1.30 වනතුරුම දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කර නැතැයි ද ඔහු කීවේය.

සිසුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ පසුගිය 19 වැනි දා ය. නමුත් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද දෙමාපියෝ කියති.

මේ සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසියෙන් විමසූ විට පවසන්නේ අදාල ක්‍රීඩා උපදේශකවරයා නීතිඥවරයකු සමඟ ඊයේ (23) පොලිසියට පැමිණ ඉදිරිපත් වූ බවයි. එබැවින් ඔහු අධිකරණයට යොමුකරන බව ද පොලිසිය පවසයි.

ගොඩකවෙල රාහුල විද්‍යාලයේ විදුහල්පති ටී.ජී.පරාක්‍රම පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් මට්ටමින් ද පොලිසියෙන් ද පරික්ෂණ ආරම්භ කර ඇති බවකි.

“මේ සිසුවා ඇතුළු පාසලේ වොලිබෝල් කණ්ඩා‍යමේ සිසුන් පිරිසක් ගුරුවරයාට හූ කියා දිවයද්දී එම ගුරුවරයා පහරදීමක් කර තිබෙනවා. දරුවාගේ පිටුපසට ගැසූ පහර වැරදීමකින් අතට වැදිලා තියෙනවා.”

මේ වනවිට ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Related articles

Recent articles

spot_img