-0.1 C
New York

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ පිරිසක් අල්ලයි

Published:

නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ ගනිමින් සිටි 35 දෙනකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම පිරිස අතර වයස අවුරුදු 06 සිට 56 දක්වා වූ පුද්ගලයන් සිටින බව ද නාවික හමුදාව කියයි.

ඔවුන් නුවරඑළිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මීගමුව සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.

නාවික හමුදාව පවසන්නේ ඔවුන් පානදුරයට ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද ඔවුන් ගමන්ගන්නා බොට්ටුවේ එන්ජිමේ කාර්මික දෝෂයක් පවතින බව ද නිරීක්ෂණය වී ඇත. එය දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පැවති බව නාවික හමුදාව සඳහන් කරයි.

බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ විශාල පිරිසක් එරට රජය විසින් යළිි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

Related articles

Recent articles

spot_img