spot_img
spot_imgspot_img

රණවිරු ගාය උසාවියට ම යයි

පුවත්

විදෙස්

රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන්වරයා ඇපම මුදාහැරීමට වරකාපොළ මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

වරකාපොළ ඉන්ධන පිරවුම්හළක දී එම ලුතිනන්වරයා විසින් පොලිස් නිලධාරියකුට පහර දී ඇත.

එලෙස පහරදෙන ආකාරය එම ඉන්ධන පිරවුම්හළේ සීසීටීවී කැමරාවල ද සටහන්ව තිබේ.

පොලිසිය පවසන්නේ ඊයේ (22) සවස දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක ආරක්ෂාව සඳහා සිටිය දී පොලිසිය සහ හමුදාව අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මේ ගැටුම හටගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පවසන්නේ පොලිසියේ සෙසු නිලයන්ට අයත් නිලධාරියකු විසින් යුද හමුදාවේ අධිකාරිය ලත් නිලධාරියකුට තනතුර ගැන නොතකා අසභ්‍ය වචන භාවිතා කරමින් කතා කිරීම හේතුවෙවන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!