-3.6 C
New York

මාස භාගයක් ම ගෑස් නැතිව ජීවත් වෙන්න. ආගමික, දේශපාලනික ජාවාරමුන් ජනතාව අමාරුවේ දාලා

Published:

නැවත ගෑස් ලැබෙන්නේ ජූලි මස 05 වැනි දායින් පසුව බවත් ඇතැම් විට එය ජූලි 12 වැනි දා දක්වා ප්‍රමාද විය හැකි බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

මේ වනවිට ඇණවුම් කළ ගෑස් තොගය මෙට්‍රික් ටොන් 7,000ක් බව ද හෙතෙම කියා සිටියේය.

එම ගෑස් තොගය නෞකා දෙකකින් පැමිණෙන බව ද සභාපතිවරයා පවසයි.

එතෙක් මෙරට වෙළෙඳ පොළෙහි ලිට්‍රෝ ගෑස් නැත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අල්ලස මත ටෙන්ඩර් ලබාගන්නා ගෑස් ජාවාරමක් බව අපි මීට පෙර අනාවරණය කළෙමු. එම ජාවාරම පසුපස සිටින්නේ මෙරට සුප්‍රසිද්ධ ආගමික නායකයකු සහ පැති මාරුකරන දේශපාලකයකු බව ද අපි එමගින් අනාවරණය කර ඇත. එම ලිපිය මෙතැනින්

මේ ජාවාරම අත්පත් කරගෙන සිටින ඔවුන් නිසා ගෑස් සිලින්ඩරයක මිල ඉදිරියේ දී විශාල වශයෙන් ඉහළ යා හැකිබවත් ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීමේ ටෙන්ඩරය එම ඔවුන්ගේ සාමගම කූඨ ලෙස ලබාගන්නා බවත් ඒ පසුපස ඇත්තේ අල්ලස් ප්‍රධානයන් බවත් rata.lk අනාවරණය කරන ලදී.

එම අනාවරණයෙන් දින ‍කිහියකට පසු ගෑස් සමාගමේ සභාපතිවරයාට කියා සිටියේ අඩු  මිලට ගෑස් සැපයීමට පොරොන්දු වූ සමාගමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ගෑස් තොග නිසි වේලාවට සැපයීමට නොහැකි බවයි. නමුත් වැඩි මිල ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති සමාගමට ගෑස් ප්‍රමාණවත් තරම් සැපයිය හැකි බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවට මසක පරිභෝජනය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක පමණ අවශ්‍යතාවක් තිබේ. දැනට ටෙන්ඩරය හිමිකරගත් ආගමික නායකයකු සහ දේශපාලකයකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන සමාගම ගෑස් ගෙන්වන්නේ මාලදිවයිනට විශාල නැවකින් ගෙන්වා කුඩා නැව්වලින් වරින් වර බවද අපි පෙන්වාදුන්නෙමු.

දැන් එය සනාථ වී තිබේ. කිසිදු නැවක හිමිකාරීත්වයක් නැති එම සමාගම නැව් කුලියට ගන්නා අතර ජාවාරම පසුපස සිටින පුද්ගලයන්ට නැව් කුලියෙන් ද කොමිස්මුදල් ලැබෙන බවට තොරතුරු තිබේ. මේ අනුව ජූලි මස 12 වැනි දා දක්වා ගෑස් නැතිව සිටීමට ශ්‍රී ලාංකීය ජනතාවට සිදුවනු ඇත.  

Related articles

Recent articles

spot_img