-3.6 C
New York

ගාල්ලේ ඉන්ධන පෝළිම් හැදූ ගුරුවරයාට, මරණ තර්ජන

Published:

විභාග ඇගයීම් කටයුතු සඳහා සහභාගීවන ගුරුවරුන්ට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සළකා ඉන්ධන ලබා දෙද්දී ගුරුවරුන් රැඳී සිටි පෝළිම නිසි පරිදි සකස් කළා යැයි කියමින් ගුරුවරයකුට කිසියම් පුද්ගලයකු විසින් මරණීය තර්ජන කර තිබේ.

මෙලෙස තර්ජනය කර ඇත්තේ ජානක පුස්සවෙල නමැති සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය විභාග ඇගයීම් මධ්‍යස්ථානයට අනුයුක්ත ගුරුරවරයකුටය.

ගාල්ල කොටුවේ පිහිටි ඉන්ධන පිරවුම්හ‍ළට ගොස් ප්‍රමුඛතාව අනුව ඉන්ධන ලබාගන්නා ලෙස ගුරුවරුන්ට ලැබුණු දැනුම්දීමකට අනුව ඇගයීම් මධ්‍යස්ථානයේ සිටි ගුරුවරු එහි ගොස් සිටියහ. මේ ‍අතර කොටුවේ ගමන්ගන්නා අනෙකුත් වාහනවලට බාධාවක් නොවන ලෙසත්, පැමිණි අනුපිළිවෙල අනුව ගුරුවරුන්ට ඉන්ධන ලබාගැනීමේ පහසුව සඳහාත් ජනක පුස්සවෙල සහ තවත් කිහිපදෙනකු එක්ව එම පෝළිම නිසි පරිදි සකසා ඇත.

පසුව 21 වැනි දා සවස ඔහු විභාග ඇගයීම් කටයුතු අවසන්ව නිවස බලා යාමින් සිටිය දී ඔහු වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු පසුව බලාගන්නා බවත් වැඩිය දැඟළුවොත් මරා දමන බවත් පවසා වේගයෙන් එම ස්ථානයනේ ඉවත්ව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සිද්ධියට මුහුණ දුන් ජානක පුස්සවෙල ගුරුවරයා ගාල්ල මූලස්ථාන පොලිසියේ ඊයේ (22) පැමිණිල්ලක් ද ගොනුකර තිබේ.

Related articles

Recent articles

spot_img