-3.6 C
New York

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (22) දිනයේ ගනුදෙනු 9,734 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,102ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,556ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 386
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 157
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 141

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 3.3
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මල්වත්ත වැවිලි  සමාගම (X)  24%
  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම (X) 22%
  • රෝයල ෆාර්ම් බීච් සමාග සමාගම 16%

සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුවේ කොටස් 980,000ක් රුපියල් 50.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුවෝ කොටස් 502,000ක් රුපියල් 80.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 363
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 7.7ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 170කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 164ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පොප් ලංකා සමාගම සමාගම රුපියල් මිලියන 1.9
  • රෝයල් සෙරමික්  සමාගම රුපියල් මිලියන 1.8
  • ඒසීඑල් කේබල්  සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 157
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 4
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img