spot_img
spot_imgspot_img

ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි

පුවත්

විදෙස්

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව පසුගිය 2020 වර්ෂයේදී සහ 2021 වර්ෂයේ දී පමණක් විවිධ දීමනා ලෙස රුපියල් කෝටි 367ක් ගෙවා ඇත.

මේ බව අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විමර්ශනවල දී ය.

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් පවසා ඇත්තේ මෙම දීමනා ලබාදීම සඳහා යොදාගෙන තිබෙන ඇතැම් නිර්ණායක විහිළු සහගත ඒවා බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ  විදුලිය ජනනය කිරීම, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති  පිළිබඳව  පරස්පරතාවක් පෙනෙන බව ද කෝප් කමිටුව ප්‍රකාශ කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව සියලු බදු මගින් බලාපොරොත්තුවන ආදායම ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බව ද මෙහි දී අනාවරණයවිය.

එමන් ම මීට ඉහත දී කැබිනට් තීරණ අනුව සේවකයන්ගෙන් අය කිරීමට තිබූ අත්තිකාරම්, පුද්ගල ආදායම් බදු ආදිය සේවක වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් තම අරමුදලෙන් ගෙවනු ලැබ ඇති බව ද අනාවරණය වී තිබේ. එම මුදල පමණක් රුපියල් බිලියන 4.8කි.

නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරන් කෝප් කමිටුවේ දී පවසා ඇත්තේ එම ගෙවීම් දැනට නවතා දමා ඇති බවයි.

2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය සිය සේවක වැටුප් 25%කින් වැඩි කර තිබේ.

මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා  දී ඇත්තේ  මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.

කෝප් කමිටු සභාපති චරිත හේරත් පවසන්නේ විදුලි බල මණඩලය විනාශ කර ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් බවයි. කිසිදු අනුමැතියකින් තොරව මේ සියල්ල සිදුකර ඇති බව ද මේවන විට අනාවරණය වන බැවින් ඒ සම්බන්ධ සොයා බැලිමට විශේෂ කාරක සභාවක් පත්කිරීමට කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවට යෝජනාකරන බව ද චරිත හේරත් කීවේය.

විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිතිවල බලපෑමෙන් මේ වනවිට විදුලි ඉංජිනේරුවන් විදුලි බල මණ්ඩලයේ ගිණුම් අංශය ඇතුළු සෑම ස්ථානයක ම බලය අල්ලාගෙන සිටින බව එහි තවත් වෘත්තීය සමිති ගණනාවක් පෙන්වා දෙයි.

මේ වෘත්තීය සමිති බලපෑමෙන් මේ සියල්ල ‍සිදුවන බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!