1.6 C
New York

භූමිකම්පාවෙන් මරණ ගණන 1,000 ඉක්මවයි

Published:

ඇෆ්ගනිස්තානයේ අද (22) ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුෂ්කර කඳුකර ගම්මානවලින් නිවැරදි තොරතුරු ලැබෙන විට මෙම සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවිය හැකි බව ද පැවසේ.

සුන්බුන් අතර සිරවී සිටින දහස් ගණනක් පිරිස් ගලවාගැනීමේ මෙහෙයුම් දියත් වී තිබේ.

රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් සිදු වූ අතර නිවාස රැසක් කැඩී විනාශ වී ගොස් තිබිණි. වර්ෂාව, නායයෑම් ඇතුළු දැඩි දුෂ්කර තත්වයන් හේතුවෙන් බොහෝ ගම්මානවලට ප්‍රවේශවීමට නොහැකි බව සහන සේවකයෝ කියති. කඳු බෑවුම් සහිත ප්‍රදේශවල පිහිටා තිබූ නිවාසවල හිරවී සිටින පුද්ගලයන් බේරාගැනීම සහ ඔවුන්ට වෛද්‍ය ආධාර සැළසීම ඉතාමත් අසීරු වී  තිබේ.

https://www.reuters.com/world/asia-pacific/earthquake-magnitude-61-shakes-afghanistan-pakistan-usgs-2022-06-21/

Related articles

Recent articles

spot_img