-3.6 C
New York

ExpoLanka කොටස් හිමියන්ට ලාභාංශ බෙදයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (22) දිනයේ ගනුදෙනු 9,771 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 690ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 9.8කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,512ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 200
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 78
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 76

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.5
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.3
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 2.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X)  50%
  • සීටී ලෑන්ඩ් සමාග සමාගම 17%
  • ෆෝර්ට් ලෑන්ඩ් සමාගම 08%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 336
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 171

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 10ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 100කොටස් විකුණා තිබිණි..   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රෙජින්ස් සමාගම සමාගම රුපියල් මිලියන 4.7
  • අගලවත්ත වැවිළි සමාගම රුපියල් මිලියන 1.9
  • ලංකා අයිඕසී  සමාගම රුපියල් මිලියන 0.8

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 4.2
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 2.7
  • ඇක්සස් සමාගම රුපියල් මිලියන 1.3

පසුගිය කාර්තුවේ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් අධික ලාභයක් ලැබූ එක්ස්‍පෝ ලංකා සමාගම තම කොටස් හිමියන් වෙනුවෙන් අතරමැදි ලාභාංශයක් ප්‍රකාශයට පත්කර ඇත. 2022 ජූලි 22 වැනි දින ගෙවීමට නියමිත අතරමැදි ලාභාංශය එක් කෙටසක් සඳහා රුපියල් 8.19කි. දැනට පවතින විදේශ විනිමය අර්බුදය ඉතා ඉක්මණින් විසඳුණහොත් කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල ගණන් අධික ලෙස ඉහළ යා හැකි බව ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img