spot_img
spot_imgspot_img

මහින්දයේ විදුහල්පති වෙනුවෙන්, මාධ්‍යයට තර්ජනය කරන චණ්ඩි ගැන පොලිසියට පැමිණිලි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට එරෙහිව ලියන්නේ නම් මරා දමන බවට අද (22) දහවල් rata.lk වෙබ් අඩවියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබිණි.

තමන් වලස්මුල්ලේ චමින්ද යැයි කියාගත් ඇමතුම දුන් පුද්ගලයා පවසා සිටියේ මහින්ද විද්‍යාලයේ වර්තමාන විදුහල්පති මේජර් අතුල විජේවර්ධන අපේ මිනිහකු යනුවෙනි. ඔහු විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කියා සිටියේ මීට පෙර මහින්දයේ සිටි විදුහල්පතිවරයාට විරුද්ධව ලියූව ද වර්තමාන විදුහල්පතිවරයාට එරෙහිව ලියුවහොත් මරා දමන බවයි.

එමෙන් ම වෙබ් අඩවියේ සංස්කාරකවරයා සොයා දින 07කින් පැමිණෙන බවට ද ඔහු තර්ජනය කළේය.

මෙම තර්ජනයට හේතු වූ යේ මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විද්‍යාලයේ සිසුවකුට කරන ලද අමානුෂික පහරදීමක් වෙබ් අඩවියේ වාර්තා කිරීමයි.

එම පහරදීමට ලක්වූ සිසුවා කරාපිටිය ‍ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගත් අතර ඒ සිද්ධිය සම්බන්ධනේ පොලිස් පරීක්ෂණ ද ආරම්භ කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කිරීමේ දී අප මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරමින් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහයන් කිහිපයක් ම ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඉන් පසු ඔහුට පණිවිඩ කිහිපයක් තැබූව ද ඒ කිසිදු පණිවිඩයකට ඔහු පිළිතුරු දුන්නේ නැත. එබැවින් සිද්ධිය වාර්තා කළ අතර විදුහල්පතිවරයාට, ආදි සිසුන් ඇතුළු විද්‍යාලයීය ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් එම පුවතට ලබාදුන් පුමුඛත්වයට සමාන ප්‍රමුඛත්වයක් දෙමින් එය පළකරන බව ද අපි එම පුවතේ ම පැහැදිළිව සටහන් කළෙමු.

ඉන් පසු ලැබුණු ප්‍රතිචාරය මරණීය තර්ජනයකි. එම තර්ජනය දුරකථනයේ පටිගත වී තිබේ.

මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් පෝද්දල පොලිසියේ CIB 04 – 351/157 අංකය යටතේ පැමිණිල්ලක් ද ගොනුකර ඇත.

පොලිසිය පවසන්නේ තර්ජනය කළ දුරකථන අංකයේ හිමිකරු සොයා විමර්ශන ආරම්භ කරන බවයි.

තර්ජනය කරන ලද හඬ

1 COMMENT

  1. මේක චන්ඩින්ට ගිය රටක්ද…ඇත්ත හෙලිකිරීමට පිලිතුර තර්ජනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!