-3.7 C
New York

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ බැංකුවක් නඩු මගට බසී

Published:

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැරීම කර ඇත්තේ සැළසුම් සහගතව බව චෝදනා කරමින් ඇමෙරිකාවේ හැමිල්ටන් සංචිත බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.

එය සිදුකර ඇත්තේ ඉහළ නිලධාරීන් විසින් සැළසුම් සහගතව බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් එම චෝදනාවල සඳහන් වෙයි. මෙම පුවත බ්ලූම්බර්ග් පුවත් සේවය විසින් ජාත්‍යන්තරව වාර්තා කර ඇත.

එම බංකුව නිව්යෝර්ක්හි ෆෙඩරල් රාජ්‍ය අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. ලබන ජූලි මස 25 වැනි දිනට කල් ඉකුත්වන ජාත්‍යන්තර ‍ස්වෛරී බැඳුම්කරවලින් 5.87% හෙවත් ඩොලර් මිලියන 250ක් මෙම බැංකුවට අයත් යැයි පැවසේ. මෙම ණය මුදල සහ ඒ සඳහා ගෙවීමට ඇති සම්පූර්ණ පොළී මුදල ජූලි මස 25 වැනි දිනට පෙර ගෙවා නිම කරන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලමින් නඩුව ගොනුකර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත්ව තිබේ.

Related articles

Recent articles

spot_img