spot_img
spot_imgspot_img

ඇෆ්ගනිස්ථායේ භූමි කම්පාවකින් 280ක් මරුට

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 280දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර පක්ටිකා පළාතේ නිවාස බොහොමයක්, සුන්බුන් බවට පත්වී ඇත.

බක්තාර් පුවත් ඒජන්සියේ වාර්තාවක් පැවසුවේ මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති අතර 600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ගිනිකොනදිග නගරයක් වන කෝස්ට් සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇත. එය කිලෝමීටර් 51 ක් පමණ ගැඹුරින් සිදුවී ඇති අතර රිච්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන් විය.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රදේශයකට කම්පන දැනී ඇති බව රොයිටර් උපුටා දක්වයි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මෙන්ම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට ද භූමිකම්පාව දැනුණු බව සාක්ෂිකරුවන් වාර්තා කර ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත්, එම ප්‍රදේශ වල ජීවිත හානි පිළිබඳ වාර්තා ලැබී නොමැති අතර, භූමිකම්පාවෙන් එහි කිසිදු හානියක් සිදු නොවූ බව බීබීසී උර්දු වාර්තා කරයි.

හිමිදිරියේ බොහෝ මිනිසුන් නිදා සිටියදී භූමිකම්පාව ඇතිවී තිබේ.

විශේෂයෙන් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ වාසස්ථාන හොඳින් ඉදිකර නොමැති බැවින් ඇෆ්ගනිස්ථානයේ සිදුවන භූකම්පනයකින් සැලකිය යුතු හානියක් ඇති කළ හැකිය. භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති බැවින් ඇෆ්ගනිස්තානය බොහෝවිට භූමිකම්පාවලට ගොදුරු වේ.

පසුගිය වසර 10 තුළ රට තුළ ඇති වූ භූමිකම්පාවලින් පුද්ගලයන් 7,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය වාර්තා කරයි. භූමිකම්පා වලින් ඇෆ්ගනිස්ථානයේ වසරකට සාමාන්‍යයෙන් 560ක් පමණ මිය යයි.

https://www.bbc.com/news/world-asia-61890804

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!