1.6 C
New York

බ්‍රිතාන්‍යයේ දැවැන්ත දුම්රිය වර්ජනයක්

Published:

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන දැවැන්ත දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය “නූතන ඉතිහාසයේ විශාලතම දුම්රිය වර්ජනය” ලෙස හඳුන්වනු ලබන අතර දුම්රිය වෘත්තීය සමිති සාමාජිකයින් 40,000 කට වැඩි පිරිසක් වැඩ වර්ජනය කර සිටිති.

ඔවුහු වැඩි වැටුප් ඉල්ලා සිටින අතර විශ්‍රාම වැටුප් කප්පාදුවට විරෝධය පල කරමින් දින තුනක වැඩ වර්ජනයක් නිවේදනය කර තිබේ.

මේ හේතුවෙන් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය හරහා මිලියන සංඛ්‍යාත මගීන්ගේ ගමනාගමනයට බාධා එල්ල විය.

වර්ජනය අඟහරුවාදා ලන්ඩන් භූගත මාර්ගවලට ද බලපාන අතර, සාමාන්‍යයෙන් මගීන්ගෙන් පිරී ඇති බොහෝ ස්ථාන පාහේ පාළුවට ගොස් ඇත.

වැඩවර්ජන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හිදී අඛණ්ඩව සිදුකිරීමට නියමිතය.

වර්ජකයෝ 7%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිති.

වර්ජනයේ බලපෑමෙන් බේරීම සඳහා මගීන් දුම්රියෙන් මෝටර් රථවලට මාරුවීමත් සමඟ ඇතැම් ස්ථානවල මාර්ගවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

https://www.bbc.com/news/uk-61879766

Related articles

Recent articles

spot_img