-3.7 C
New York

ඝාතකයකුට ජනාධිපති සමාව දෙන්න රතනහිමි කෝටි ගණනක් ගත්තා ද ? හිටපු ජනපති කියූ රහස

Published:

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාව ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පූජ්‍ය අතරලියේ රතන හිමි එම පවුලේ සාමාජිකයන් සමඟ තමන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ බවයි.

“රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමියි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රනත හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ එම තරුණයාගේ පවුල ක්‍රිස්තියානි පවුලක් බවයි. රන හිමියන් සමඟ තිබූ සම්බන්ධය තමන් දන්නේ නැති බව ද හෙතෙම පවසයි.

“මේ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”

ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිත්ත පුළුවන් ද?

“ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”

Related articles

Recent articles

spot_img