spot_img
spot_imgspot_img

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ජනමතවිචාරණයකට යා යුතුයි

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශොධන කෙටුම්පත අනුමත කර ඇතත්, එහි වගන්ති කිහිපයක් දැනට පවතින ව්‍යවස්ථාවට පටහැණි බැවින්  එය විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

අද (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එ් බව ප්‍රකාශ කරන ලදී.

කතානායකවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් මෙසේද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත තීන්දුව ලබා දී තිබේ:-

(i)  පනත්කෙටුම්පතෙහි 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 23, 24, 26, 27, 28 හා 36 වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(ii)  පනත් කෙටුම්පතෙහි 2, 3 සහ 4 වැනි වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරය සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(iii)  පනත් කෙටුම්පතෙහි 14 වැනි වගන්තිය දැනට පවතින පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්තිය පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

එතකුදු වුවත්, යෝජිත 41 (අ) (1) ව්‍යවස්ථාව ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම්, යෝජිත 41 (අ) (6) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙක්, සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාව නිෂේධ වේ;

(iv)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ පනත් කෙටුම්පතෙහි 19 වැනි වගන්තිය අනනුකූල වන අතර, එය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(v)  පනත් කෙටුම්පතෙහි  30 (අ)  වගන්තිය මඟින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක්ෂා ‍කෙරෙන බැවින්,  එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව සහ 4 (ඉ) ව්‍යවස්ථාව  සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන අතර, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vi)  පනත් කෙටුම්පතෙහි 39 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට අපේක්ෂා කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ එය අනනුකූල වන බැවින්, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vii)  පනත් කෙටුම්පතේ 43 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 වැනි සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, ඒ අනුව එය පනවනු ලැබිය හැක්කේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලබන විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(VIII)  පනත් කෙටුම්පතේ 51 වැනි වගන්තිය යටතේ එන වෙනත් කරුණු අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා බවට පත් විය යුතු ජාතික ආරක්ෂක සභාව නමින් යුත් XIX-ඇ අධිකාරය හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. 

යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) යන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය සමග කියවිය යුතු 1, 2 සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, එබැවින් ඒවා පනවනු ලැබිය හැක්කේ 84(2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි:

එතකුදු වුවත්, යෝජිත ජාතික ආරක්ෂක සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ, සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජිත 156ඌ  (1) සහ 156ඌ  (2) ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එවැනි අනනුකූලතාවක් නිෂේධ වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ අද (21) දිනට නියමිත කටයුතු වල නිල වාර්තාවෙහි මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!