spot_img
spot_imgspot_img

21 පාර්ලිමේන්තුවට ගෙනෙද්දී, සජිත් සහ අනුර පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඊයේ (20) ලැබුණු අතර අද (21) පාර්ලමේන්තුව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කර ඇත.

එම පක්ෂ දෙකම මේ දක්වා කියා සිටියේ මේ රටේ ආර්ථික සහ දේශපාලනික අර්බුදයට විසඳුම් සෙවීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි. ඒ සඳහා කෙටුම්පත් සකස්කර පක්ෂ නායකයන්ගේ අදහස් සහ යෝජනා ද ඇතුළත් කර එම සංශෝධන සහිතව ඒ සඳහා ඊයේ (20) ව්‍යවස්ථා කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබිණි.

සමගිි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ අද (21) සිට තම පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

“මේ හොර කුපාඩි ආණ්ඩුව ඔළුගෙඩි මාරුකරගෙන සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. මේ පාර්ලිමේන්තුව මේ විදියට රැස්වෙලා රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ. අපි විපක්ෂයේ ප්‍රගතිශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තියෙනවා මේ ජනතාවගේ ප්‍රශ්නන තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නෑ” යැයි ඔහු පවසයි.

මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ සමඟ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

කෙසේ වෙතත් අරගලකරුවන් දිගින් දිගටම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් 19 වැනි ව්‍යවස්ථාවේ සාධනීය කරුණු නැවත බලාත්මක කිරීම, 20 වැනි සංශෝධනය අහෝසි කිරීම, ජනාධිපතිවරයාගේ බලය කප්පාදුකර ව්‍යවස්ථාධායකය බලාත්මක කිරීම හ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ලදී.

එහි දී ඔවුන් ප්‍රකාශ කළේ 21 වැනි ව්‍යවස්ථාවට ඡන්දය නොදී ගමට නොඑන ලෙසයි.

21 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව වර්ජනයකට කටයුතු යොදා ඇති අතර ඔහු ඊයේ (20) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ රට හැදීමට තමන්ට භාර දෙන ලෙසයි.

එහෙත් ඔහු මීට ඉහත අගමැතිධූරය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!