spot_img

කොරෝනා මාෂල් දූපතටත් ගිහින්

පුවත්

විදෙස්

කොවිඩ් – 19 රෝගියෙකු සොයානොගත් ලෝකයේ අවසාන ස්ථාන වලින් ඒකක් වන මාෂල් දූපත් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා කර ඇත.ආසාදිතයන් ඇමරිකානු යුධ කඳවුරක සිට පැමිණි සේවකයන් දෙදෙනකු බව ඒරට රජය පවසයි.ගුවන් හමුදා යානයකින් පැමිණි මොවුන් හුදකලාව සිටි බව සඳහන් වේ.කිසිදු වසා දැමීමේ පියවරක් අවශ්‍ය නොවන බවත් සුපරික්ෂාකාරීව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින ලෙසත් පළාත් පාලන ආයතන ජනතාවයෙන් ඉල්ලා ඇත.පැසිෆික් සාගරයේ ඈතින් පිහිටි මෙම දූපත් සමූහය ලොව පුරා කොරෝනා ව්‍යාප්ත වීමත් සමග මාර්තු මාසයේදී සිය දේශසීමා වසා දැමීමට කටයුතු කළේය.කෙසේවුවද ජුනි මාසයේදී මාෂල් දූපත්, ඇමරිකානු සේවකයින්ට රට තුළට ඇතුළු වීමට ඉඩ ලබාදුන්නේ සීමාවන් ලිහිලි කරමිනි. සමකයට උතුරින් දූපත් 1,000කින් පමණ සමන්විත මාෂල්හි 55,000ක පමණ ජනගහනයක් සිටිති.ඒය ස්වයං පාලිත රාජ්‍යයක් වන නමුත් ඇමරිකාව ආරක්ෂක කටයුතු වලට සමිබන්ද වන අතර සෑම වසරකම ඩොලර් මිලියන ගනනක ආධාර සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles