spot_img
spot_imgspot_img

ලංකා වතු සේවා සංගමයට නව නායකයෝ පත්වෙති

පුවත්

විදෙස්

ලංකා වතු සේවා සංගමයේ නව සභාපතිවරයා ලෙස නිශාන්ත වන්නිආරච්චි පත්ව සිටියි.

ඔහු මෙම තනතුරට පත්වූයේ ලංකා වතු සේවා සංගමයේ 24 වැනි ද්විවාර්ෂික සම්මේලනයේ දී එහි නියෝජිතයන්ගේ බහුතර ඡන්දයෙනි. ඒ අනුව ඉදිරි දෙවර්ෂයේ ලංකා වතු සේවා සංගමයේ නව සභාපතිවරයා ලෙස නිශාන්ත වන්නිආරච්චි කටයුතු කරන අතර ඔහුගේ කණ්ඩායම එහි ප්‍රධාන තනතුරු සඳහා පත්ව සිටියි.

නිශාන්ත දැරණියගල සපුමල්කන්ද තේ කර්මාන්තශාලාවේ සේවය කරන අතර වටවල කැරොලිනා වතුයායේ මාරිමුත්තු සුදාහර් භාණ්ඩාගාරික ලෙස පත්ව සිටියි. උප සභාපතිවරුන් ලෙස පත්ව සිටින්නේ ඩයගම නැගෙනහිර වතුයායේ සෙන්නන් ඉලෙයරාජ් සහ හල්ගන්ඔය ඩෙල්මාර් වතුයායේ නිශාන්ත කහඳවආරච්චි දෙදෙනාය.

මහා මණ්ඩලය සඳහා නෑබොඩ ගීකියනකන්ද වතුයායේ එස්.එල්. චන්ද්‍රපාල, යටියන්තොට, පනාවත්ත වතුයායේ චාමර ප්‍රේමරත්න, හල්ග‍්‍රන්ඔය  ඩෙල්මාර් වතුයායේ හේමන්ත ප‍්‍රසන්න, හැටන් මේෆීල්ඞ් වතුයායේ එස්. ජෝන්, බුලත්සිංහල මිල්ලකන්ද වතුයායේ මහේෂ් රණසිංහ සහ නුවර එළිය, පීඩෲ වතුයායේ එස්. තමිල්මාරන් යන වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් නිතර`ගයෙන් තේරී පත්විය.

ලංකා වතු සේවා සංගමය මේ වන විට වසර 102 ක් සපුරා සිටින ලංකාවේ වෘත්තීය සමිති අතරේ ඇති ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සංගමයකි. ‘‘සියවසක අභිමානය සමග ජය ටැඹ කරා’’ යන තේමාව යටතේ වැවිලි ක්ෂේත‍්‍රයේ දිවයින පුරා පිහිටි වතු ඒකකවලින් නම් කරන ලද නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වුණු මෙම සම්මේලනය පසුගිය සිව් වසර තුළ සංගමයේ සභාපති ධූරය හෙබවූ චතුර සමරසිංහ සහ ප‍්‍රධාන ලේකම් රොබට් ෆ‍්‍රැන්සිස් ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැත් විණි.

භාණ්ඩාගාරික – මාරිමුත්තු සුදාහර්
උප සභාපති – සෙන්නන් ඉලෙයරාජ්
උප සභාපති නිශාන්ත කහඳවආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!