-1.5 C
New York

IMF සාකච්ඡාවටත් බාධා සිදුවුණැයි කියමින් කොළඹ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

Published:

මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවන් 04 දෙනකු ඇතුළු 21 දෙනකු සිටින බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ගාලු මුවදොර අරගලකරුවන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බවයි. ඔවුන් මහා භාණ්ඩාගාරයට පිවිසෙන මාර්ගය පවා අවහිර කරමින් අට්ටාල ඉදිකළ බවත්, මේ හේතුවෙන් මහජනතාවට ද විශාල අපහසුතා අත්විඳින්නට සිදුවූ බවත් පොලිසිය සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ දොරටුව අවහිර කිරීම හේතුවෙන් අයිඑම්එෆ් නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගී වීමට තිබූ සාකච්ඡාවට පවා බාධා එල්ල වූ බව පොලිසිය පවසයි.

මෙවැනි බාධා කිරීම් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img